ශ්‍රී පාද වන්දනාවාරය මැයි 31න් අවසන්
2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්‍රී පාද වන්දනා සමය 2026 වෙසක් පොහෝ (30) දිනට පසු දින මැයි (31) දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නා හිමියන් පැවසීය.
මාධ්‍යට (26) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ, වෙසක් පොහෝදා ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහහන් ගණනාවක් පැවත්වෙන බවත්, ඊට පසු දින (31) දින ශ්‍රී පාද උඩ මළුවවේ පැවැත්වෙන උදෑසන බුද්ධ පූජාව පැවැත්විෆමන් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්වලින් කොටසක් රත්නපුර පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට එරත්න මාර්ගයේ පෙරහැර දෙකක් ලෙස පැල්මඩුල්ල ශ්‍රී පාද රජමාහා විහාරස්ථානය දක්ව වැඩම කරවන බවයි.
එදිනම ශ්‍රී පාද උඩමළුවවේ දහවල් පැවැත්වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය බගවන්තලාව, බලංගොඩ මාර්ගය ඔස්සේ නල්ලතන්නිය, ලක්ෂපාන, අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමාහා විහාරස්ථානයද දක්වා තවත් පෙරහැරවල් දෙකක් ගමන් ගන්නා බවයි.
මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රීයේ සිට (31) දින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැම්පත් කර, එහි ආගමික වතාවන් ගණනාවක් සහ දේව පූජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව එදින පස්වරුවේ (06.01) දින ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා එසේ වැඩම කල ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ පෙරහැරකින් වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැම්පත් කර තැබෙන බවයි උන් වහන්සේ කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

